අන්තර්ජාලය හා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය සම්බන්ධ ප‍්‍රචණ්ඩත්වයෙන් පූර්වාරක්‍ෂාවට...
අන්තර්ජාල බැංකු කටයුතු වල නිරත වීමේදී බැංකුවෙන් බවට ස`දහන් විද්‍යුත් පණිවුඩ ලැබී එම විද්‍යුත් පණිවුඩයේ ඇති සම්බන්ධතාවයක් ම`ගින් බැංකුවේ වෙබ් අඩවියට පිවිසීමට නොයා යුතු අතර මෙහිදී වඩාත් සැළකිලිමත් වීම වැදගත් වේ.
ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩ සහා සැබෑ බැංකු වෙබ් අඩවි සේ සකස් කෙරුණු ව්‍යාජ වෙබ් අඩවි ඔස්සේ අන්තර්ජාල බැංකු කටයුතු වල නිරත පුද්ගලයන්ගේ රහස් දත්ත සොරාගෙන බැංකු ගිණුම් වලින් මුදල් සොරා ගැනීම් සිදුවන බවද වාර්තා වෙයි.
ඊ බෑන්කින් ගනුදෙනු කිරීමේ විද්‍යුත් තැපෑලෙන් එන පණිවුඩ වලට ඇතුළුවී ගිණුම් හිමියන්ගේ තොරතුරු ලබා නොදීමටත්,මේ අයුරින් ගනුදෙනු කිරීමට අවශ්‍ය නම් බැංකුවේ නම ටයිප් කර එම බැංකුවේ වෙබ් අඩවියට පිවිස සිය ගිණුම් වල තොරතුරු ලබා දෙන ලෙසත් එසේ නොමැතිව විද්‍යුත් තැපෑල ඔස්සේ එන බැංකු පණිවුඩ වලට සිය ගිණුම් වල තොරතුරු සපයා වංචාකරුවන්ට හසු නොවන ආකාරයට සැළකලිමත් විය යුතු ය.
ලොතරැුයි දිනුමක් ලැබී ඇති බව ස`දහන් කරමින් ලැබෙන කෙටි පණිවුඩ සහා විද්‍යුත් තැපැල් පණිවුඩ වලට රැුවටී ජාවාරම්කරුවන්ට මුදල් ලබා දීම නොකළ යුතු අතර එම වංචා බොහෝ විට සිදුවන්නේ මිලියන ගණනක ලොතරැුයි දිනුමක් ලැබී ඇති බව ස`දහන් කරමින් එම මුදල නිදහස් කර ගැනීමට මෙපමණ මුදල් ප‍්‍රමාණයක් අවශ්‍ය බව ප‍්‍රකාශ කරමිනි.
තමන්ගේ ඉඩම්,ගේ දොර ,වාහන අළෙවි කර ගන්නටත් සේවකයන් සොයා පුවත්පත් වල සහා අන්තර්ජාලයේ දැන්වීම් පළ කිරීමේදී තමන්ගේ පුද්ගලික දුරකථන අංක එහි පළ නොකර ඒ ස`දහාම පමණක් ලබාගත් අලූත් ජංගම දුරකථන සම්බන්ධතාවක අකයක් පුවත්පතේ පළකරන්නේ නම් ආරක්‍ෂාකාරී වන අතර පුවත්පතේ දැන්වීම පළකිරීමේ අවශ්‍යයතාව ඉටුවීමෙන් පස එම සිම්පත භාවිතයෙන් ඉවත් කළ හැකි වීමත් නිසා මෙහිදී ආරක්‍ෂා වීමේ හැකියාව ලැබේ.
කරදරකාරී දුරකථන ඇමතුම් පිළිබදව ඔබගේ දුරකථන හෝ ජංගම දුරකථන සේවා ආයතනයට දැනුම්දීම සහා අවශ්‍යයනම් පොලීසියේ පැමිණිලි කිරීම.ඒ හරහා එකී කරදරකාරී අංකය අවහිර කළ හැකි ය.
එමෙන්ම ෆෙස්්බුක් වැනි සමාජ ජාලා හරහා මිතුරෙක් කරගනුලැබූ පුද්ගලයෙකු අනවශ්‍ය ලෙස තමන්ට බලපෑම් කරන්නේ නම් එය එහි පවතින වාර්තා කිරීම නම් වූ ක‍්‍රමවේදය හරහා ඔහුගේ ගිණුම අවහිර කිරීමේ හැකියාව පවතින බව ශ‍්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදයේ ජ්‍යොෂ්ට තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොෂාන් චන්දාගුප්ත මහතාගෙන් දැන ගැනීමට හැකියාව ලැබුණි.
ඊමේල් ගිණුම් සහා සමාජ සම්බන්ධතා ජාල වෙබ් අඩවි වල තම තොරතුරු හා පෞද්ගලික ඡුායාරූප විශ්වාසවන්ත ලෙස තමන් දන්නා පුද්ගලයන් සම`ග පමණක් හුවමාරු කර ගත හැකි ලෙස පෞද්ගලිකත්වය ආරක්‍ෂා වන ආකාරයට සකස්කළ යුතු ය.මෙය ෆේස්බුක් වැනි සමාජ ජාල භාවිතයේදී වඩාත් වැදගත් වේ.
නම ,ක්‍රෙඩිට් කාඞ් අංකය,දුරකථන අංකය,ලිපිනය හෝ තමා සිටින ස්ථානය අනාරක්‍ෂිත විශ්වාස කටයුතු නොවන වෙබ් අඩවි වලට ලබා නොදිය යුතු ය.
එමෙන්ම වෙබ් අඩවි භාවිත කිරීමේදී තමන් භාවිත කරන වෙබ් අඩවිය පිළිබ`ද සැළකිලිමත් විය යුතු ය.
No comments:
Post a Comment