University

Monday, January 18, 2016

1.නව මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය

තාක්‍ෂණික දියුණුවත් සම`ග ජනසන්නිවේදනය අතරට එකතු වූ වේගවත් මාධ්‍යයක් ලෙස අන්තර්ජාලය හ`දුන්වා දිය හැකි ය.ශ‍්‍රීී ලංකාව අනෙකුත් රටවලට සාපේක්‍ෂව තොරතුරු තාක්‍ෂණ සාක්‍ෂරතාවය ප‍්‍රතිශතාත්මකව අඩු රටක් වුව ද මෙරට පාදක කර ගත් අන්තර්ජාල ප‍්‍රකාශන රාශියක් සයිබර් අවකාශය තුළ දක්නට ලැබේ.
ඉතා අඩු සම්පත් ප‍්‍රමාණයකින් පවත්වාගෙන යාමට හැකි වීම,නිරන්තරයන් යාවත්කාලීන කිරීමට හැකිවීම,වෙනස් වන ලෝකයට අදාළව නව තොරතුරු වේගයෙන්් ලබා දීමට ඇති හැකියාව හා මෙහි පළවන ලිපි වලට තම අදහස් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව ආදිය නිසා ද මෙම මාධ්‍යය වර්තමානය වන විට වයස් භේදයකින් තොරව ජනප‍්‍රිය වී ඇතගඋැඉලඊකදටලඔඅසඑඑැරලේජැඉදදනආදී විවිධ ස්වරූපයන්ගෙන් සයිබර් අවකාශය තුළ තොරතුරු බෙදාහැරීම සහා අදහස් දැක්වීම සිද කරනු ලබයි.

1.1.අන්තර්ජාලය යනු...

අන්තර්ජාලය නම් සංකල්පය බිහිවන්නේ පරිගණකය නම් වූ මෙවලම බිහිවීමෙන් දශක ගණනාවකට පසුවයි.පරිගණක තාක්‍ෂණය සහා සන්නිවේදන තාක්‍ෂණයේ උපරිම ඵලයක් ලෙස අන්තර්ජාලය බිහිවීම තුළින් එක ලෝකයක විවිධ සීමා මායිම් තුළ ජීවත් වූ මිනිසා එකී සියළු සීමා මායිම් පරයමින් විශ්ව ගම්මානය තුළ පියමං කරයි.
අන්තර්ජාලය යනු එකිනෙකට සම්බන්ධ වූ අතිවිශාල ලෝක ව්‍යාප්ත පරිගණක ජාලයකි.මෙය ජාල තුළ ජාලයක් ලෙස කෙටියෙන් හැ`දින්විය හැකි ය.මෙය නියත වශයෙන්ම එකිනෙකට සමබන්ධ කරන ලද පරිගණක ජාලයක් තුළ මහජනයාට සම්බන්ධ විය හැකි ලෝක ව්‍යාප්තව පවතින ජාලයකි.

1.2.අන්තර්ජාල සේවාවන්

මෙයට තොරතුරු සපයනු ලබන්නේ ඉනටර්නෙට  ප්‍රොටොකෝල් ක‍්‍රමය ප‍්‍රයෝජනයට ගනිමින් පැකට් ස්වීචිං ක‍්‍රමය ම`ගින් ය.මෙය ගෘහස්ථ වශයෙන් කුඩා තොරතුරුද අධ්‍යාපන,ව්‍යාපාරික සහා රාජ්‍යයන් රාශිය තොරතුරු වලින් ද සමන්විත වන අතර විද්‍යුත් තැපෑල ක‍්‍රමය ,අන්තර්ජාලයේ කෙරෙන හමුවීම්,සාකච්ඡුා ,ලිපිගොනු එහා මෙහා යැවීම් සහා එකිනෙකට සම්බන්ධ වෙබ් පිටු  හා ලෝක ව්‍යාප්ත ජාලයේ වෙනත් ලියැවිලි වනි නොයෙක් ආකාරයේ තොරතුරු සහා සේවා ද සපයයි.
අන්තර්ජාල භාවිතය හා ඒ ආශ‍්‍රිතව විශාල වශයෙන් සංස්කෘතික ගැටලූ වර්තමානය වන විට පැන නැ`ගී ඇති බැව් සත්‍යයකි.වර්තමානය වන විට ලෝකයේ බොහෝ දෙනා කුමන හෝ කාර්යයක් ස`දහා අන්තර්ජාලය භාවිත කරනු ලබයි.අන්තර්ජාල භාවිතය සිඝ‍්‍රයෙන් ව්‍යාප්ත වීමත් සම`ගම එම`ගින් සමාජයට කරනු බන බලපෑම ද ඉතා විශාල ය.
ලෝකයේ කවර ස්ථානයක සිට වුව ද අන්ර්ජාලයට ප‍්‍රවිශ්ට වීමේ හැකියාව තිබේ.ඒ ම`ගින් තොරතුරු ලබා ගැනීමටත්,තොරතුරු ඇතුළත් කිරීමටත් හැකියාව ඇත.එමෙන්ම අන්තර්ජාලය තුළ වෙබ් අඩවි පවත්වාගෙන යාමටත් හැකියාව ඇත.කෙසේ නමුත් අන්තර්ජාල මාධ්‍යය දේශ සීමා බිද දමමින් ගෝලීය සමාජයක් තුළ අවම පාලනයකින් සිදු වේ.ගෝ්ලීය මට්ටමින් ගොඩනැගුණා වු මෙකී නව මාධ්‍යයක් වූ අන්තර්ජාලය භාවිත කිරීමට ස්ත‍්‍රී,පුරුෂ,ළමා,වැඩිහිටි ආදී වූ කිසිදු භේදයකින් තොරව හැකියාව ලැබී තිබේ.
අන්තර්ජාලය බහු කාර්යය මාධ්‍යයක් ලෙස මානව සමාජ,ආර්ථික,දේශපාලනික,විනෝද හා විවිධ කාර්යයන් ඵලදායීව ඉටු කර ගැනීමටත්,තොරතුරු ඉතා ඉකමනින් ලබා ගැනීමටත් භාවිත කළ හැකි මාධ්‍යයකි.නමුත් විටෙක මේ සියලූ අංශ හරහා ජීවිතය පරිහානියට පත් කරනු ලබන මාධ්‍යයක් ලෙස ද අන්තර්ජාලය හදුන්වා දිය හැකි ය.

ප‍්‍රසිද්ධ මනෝ උපදේශකයෙකු වන කිම්බෝල් එස්යන් අන්තර්ජාලය හා දැඩි සම්බන්ධකම් පවත්වන ලද පුද්ගලයන් 436 ක් ඇසුරු කරගෙන කරන ලද පර්යේෂණයකදී හෙළි වූයේ අනතර්ජාලයට අධික ලෙස ඇබ්බැහි වී ඇති පද්ගලයන් කිසියම් මානසික වශයෙන් ව්‍යාධියනට පත්ව ඇති බවයි.

තවද අන්තර්ජාලයට ඇබ්බැහි වීම නිසා පවුල් සංස්ථා බි`දී ගොස් වෙනත් පේ‍්‍රම සම්බන්ධතාවන්ට සහා ලිංගික සම්බන්ධතාවන්ට යොමු වී ඇති පිරිසද ප‍්‍රමාණාත්මකව වැඩි බවයි.

එම පර්යේෂණය ම`ගින තව දුරටත් සොයා ගෙන ඇත්තේ අන්තර්ජාලය ඔස්සේ ලිංගික දර්ශන,අසභ්‍ය දේ නැරඹීමට යොමු වීම හා විවිධ ක‍්‍රීඩා ස`දහා යොමු වීම ම`ගින්ද අහිතකර බලපෑම් වලට ලක් වීමේ ප‍්‍රවණතාවක් දැක ගත හැකි බවයි.

අවසාන වශයෙන් අන්තර්ජාලය වඩාත් භාවිත කිරීම හේතුවෙන් පුද්ගලයන් විටෙක ආකල්පමය සහා මනෝමය වශයෙන් පරිහානියට පත් වන බවයි.

අන්තර්ජාලය යනු කිසියම් පුද්ගලයකුගේ පාලනයට නතු වන මාධ්‍යයක් නොවේ.හුදෙක් එය තහංචි වලින් තොර මාධ්‍යයකි.ඒ නිසාම මෙය භාවිත කළ යුත්තේ ඉතාමත් අවබෝධයකින් යුක්තවයි.

අන්තර්ජාලයේ මූලික ලක්‍ෂණ වන පුළුල් භාවිතය හා පිවිසීමට ඇති හැකියාව නිසා නැවුම් ආකාරයේ සමාජීය අන්තර්ක‍්‍රියා ,ක‍්‍රියාකාරකම් හා සංවිධානගතවීම් ඇතිකිරීමට එයට හැකි වී තිබේ.ේජැඉදදනලපහ ිච්ජැ වැනිසමාජ ජාලකරණ වෙබ් අඩවි සමාජකරණයේ හා අන්තර් ක‍්‍රියාකාරීත්වයේ නව විධීන් නිර්මාණය කර ඇත.මෙම අඩවි වල පරිශීලකයන්ට තම පෞද්ගලික පිටු වලට විශාල විවිධත්වයකින් යුත් අංග එකතු කර ගැනීමටත් තමන් පොදුවේ ආශා කරනු ලබන දේ පිළිබ`ද දැක්වීමටත් අන් අය හා සම්බන්ධ වීමටත් හැකියාව ඇත.

No comments:

Post a Comment