ගුත්තිල කාව්‍යය
සිංහල පද්‍ය සාහිත්‍යයේ උගත් නූගත් , ඇති නැති, ග්රාමවාසී නගරවාසී, ලොකු කුඩා සියලූ දනන් එක සේ ඇලූම් කරන කෘතියක් වේ නම් එය වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යය බව අවිවාදයෙන් පිළිගත යුත්තකි. එදා මෙදා තුර බිහි වූ ලාංකේය මානව සංහතියේ නිතර දෙවේලේ තුඩ`ග රැව් දුන් යම් පද්‍යයක් වේ ද එය ද වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිලය යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
”...මුල පටන් අග තෙක් වූ සමාන වෙසෙස් කන්කලූව ඇති පද්‍ය තුනක් දක්නට ලැබේ පළමුවැන්න ගුත්තිලයයි. ...කෝමල වර්ණයන්ගෙන් මධුරතම ශබ්දයන්ගෙන් සංඝටනායෙන් උපන් ශ්රැති අනුප්රාස ගුත්තිලයෙහි පද මාලාව අතරින් රසයන්ට ද වර්ණයන්ට ද අනුව නගින බසින ගීත ප්‍රවාහයක් වැන්න...”
පී.බී.සන්නස්ගල මහතාගේ සිංහල සාහිත්‍ය වංශයට අනුව ගුත්තිල කාව්‍යය කෝට්ටේ යුගයේ (කි‍්‍ර.ව.1450-1460* වෑත්තෑවේ හිමියන් රචනා කළ බව ප්රත්යක්ෂ වේ.
”ගුත්තිලය ලියුවේ වෑත්තෑවේ හිමියන් බව ඉතා ප්‍රසිද්ධය. රාහුල හිමියන් ළ`ග උගත් ශිෂ්‍යයෙකු වූ හෙයින් ගුත්තිලය ලියැවී ඇති කාලය පැරකුම්බා රාජ්‍යයේ පශ්චිම අවස්ථාව කොට සලකනු මැනවි.”
උගත් නූගත් සියලූ ජනයාගේ සම්භාවනාවට පාත්‍ර වන මෙම කෘතියෙහි දක්නට ලැබෙන සුවිශේෂීතා අපරිමිතය. ඒ අනුව ලක්වැසි ජනයා සදාදරයෙන් ගුත්තිලය තම හද ම`ඩලට තුරුළු කර ගත්තේ කුමන සාධක පදනම් කරගෙන ද යන්න විමසා බැලිය යුතුය.
එදා මෙදා තුර පද්‍ය සාහිත්‍ය අඹරෙහි දිදුලන ලද කොතෙකුත් තාරකාවන් දක්නට ලැබුණි. එහිදී බොහෝ කාව්‍ය කෘති විදග්ධ ප්‍රිය බුද්ධිමතුන් ස`දහා වෙන් වූ , පණ්ඩිත ප්‍රිය බස්වහරකින් සමලංකෘත බුද්ධිමතුන්ගේ හදවත් පමණක් ස්පර්ශ කරන කෘති වූයේ ය. එහෙත් සෑම හදවතකටම ඉතා ශාන්ත ස්වරයෙන් ආමන්ත්‍රණය කළ සියලූ ජනයාගේ හදවත් ඉතා රුචිකත්වයෙන් ආදරයෙන් සමීප කර ගත් කාව්‍ය කෘතිය වූයේ වෑත්තෑවේ හිමියන්ගේ ගුත්තිල කාව්‍යයයි.
”තමා සකස් කොට ගත් සායමක් තෙළිතුඩින් ගෙන මනහර සිතුවමක් අදින දක්ෂ චිත්‍ර ශිල්පියකු මෙන් වෑත්තෑවේ හිමියෝ කටවහර , ගත්වහර හා පමණට මුසු කොට ගැනීමෙන් සකස් කොට ගත් එහෙයින්ම ප්‍රසාද ගුණයෙන් මෙන්ම ජීවමාන ලක්ෂණයන්ගෙන් ද නොඅඩු ආරෙකින් ”ගුත්තිල ජාතකය” කවියට නංවාලීය. ඔවුන්ගේ ව්‍යායාමය එක් කෘතියකින් පමණක් සීමා වුව ද ඒ ගණයේ කෘතීන් සිය ගණනකිනුදු නොලැබෙන ආලෝකයක් සිංහල සාහිත්‍යයට දීමට සමත් විය.”
නිර්මාණාත්මක සාහිත්‍ය බිහිවීමෙහිලා ප්‍රබල බාධකයක් වූ ”සියබස්ලකරින් ” පැන වූ තහංචිය මහනුවර යුගය අවසන් වන තුරුම පැවති අතර එය කොළඹ යුගයේ දී තරමක් ලිහිල් විය. තමාට අකුරු කළ ගුරු හිමියන් වූ රාහුල හිමියන්ගෙන් සිදු වූ වෙනස්කම් ඉවසා සිටිය නොහී කාව්‍යයක් රචනා කිරීමට සිත් වූ ”වෑත්තෑවේ ” හිමියන්ගේ දුක , වේදනාව කියා පෑමට ද මෙම ”පෙදෙන් බුදු සිරිතැ” හරස් විය. තම කාව්‍යය රචනය ස`දහා ප්‍රස්තුතයක් සොයනු වස් වෑත්තෑවේ හිමියන්ට ජාතක පොත පෙරළෙන්නට සිදු වූයේ එහෙයිනි. ජාතක කතා සමස්තය අතර දෙසිය හතළිස් දෙක, ගුත්තිල ජාතකය ළ`ග උන්වහන්සේගේ සිත නතර විය. ගුරු - ගෝල ගැටුම නිර්මාණාත්මකව ප්‍රතිනිර්මාණය කරනු වස් වෑත්තෑවේ හිමි ගුත්තිල කාව්‍යය රචනා කළේ මෙලෙසිනි. ”සිංහල ජාතක කාව්‍යයේ ජනප්‍රියතම කෘතිය ගුත්තිලය යැයි කිව හැකිය. ජාතක කාව්‍යයේ උද්දීප්තිමත් සමය ද ඉන් අවසන් විය.”
සිංහල සාහිත්‍යයෙහි ජනප්‍රිය කාව්‍ය වීමෙහි ලා අවැසි සියලූ සාධක ”ගුත්තිල කාව්‍යය” වෙත ප්රදානය කිරීමෙහිලා වෑත්තෑවේ හිමියන් ප්‍රතිභා පූර්ණ කවියෙකු විය. කවියා තෝරගත් ජාතක කතාව, තෝරගත් අනුභූතිය , තෝරාගත් කාව්‍ය සම්ප්රදාය , කෙටි විරිත , සමාජ දර්ශනය සහ ජීවන දර්ශනය ආදී විවිධ ප්‍රවේශ මාර්ගයන්ගෙන් මෙකී ජනප්‍රියත්වය මැනවින් සාධනය කර ගත හැකිය. ගුත්තිල කාව්‍යය අගය කළ බොහෝ වියත් ප`ඩුවන් මෙම කාව්‍යය වර්ණනා කරන ලද්දේ මෙසේ ය.
”ගුත්තිල කාව්‍යය වනාහි ග්රන්ථයක් වශයෙන් අනර්ඝ වෙයි. ප්‍රබන්ධයක් වශයෙන් රම්‍ය වෙයි. රචනාවක් වශයෙන් දීප්තිමත් වෙයි. මෙහි භාෂාව හා සන්දර්භය ද අති පාරිශුද්ධය. පදයෙන් පදය ප්රියවහනයම කෙරේ. ශබ්ද ශාස්ත්‍ර, කාව්‍ය ශාස්ත්‍ර, අලංකාර ශාස්ත්‍ර යනාදී ශාස්ත්‍රයන්ගෙන් මොනවට පෝෂණය වී අනුල්ලංඝණ ප්‍රතාපයෙන් විරාජමාන වේ. ”
වෑත්තෑවේ හිමියන්ගේ කවිත්වය මතුයෙහි ”ගුත්තිල කාව්‍යය” නමින් රසවත් කාව්‍යයක් සිංහල සාහිත වංශාවලියේ රසවත් බව වෙනුවෙන් එකමුතු විය. කතන්දර කීමෙහිලා වඩාත් උචිත වන ”තෙසාලිස් මත් විරිත” යොදා ගත් වෑත්තෑවේ හිමියන් කෙටි විරිත් සහිතව සමස්ත කාව්‍යයම එළිසමයෙන් ක්‍රමවත් කොට 9,11,9,14 ලෙසින් සතර පදයෙහි මාත්‍රා ඛණ්ඩනය කළේ ය. අනාදිමත් කාලයක සිට ජන කවි ගෙතූ , ජන කවි රස වි`දි ජනතාවට ගුත්තිල කාව්‍යය අමුත්තක් නොවූයේ එහෙයිනි. අර්ථ ගාම්භීරත්වයටත් වඩා මෙහි පවත්නා ශබ්ද මාධුර්යයත්, පද ලාලිත්‍යයත් නිසා රසික සිත් එක ලෙස පැහැර ගත් ගුත්තිල කාව්‍යය ගුත්තිල පුවතින් සුසැදි කුඩා කාව්‍යයක් වීය. කාව්‍ය ශරීරයට අනවශ්‍ය ලෙස එක් වූ කිසිවක් මෙහි නැත්තේත් , රස භාවයන් දැනවීමට අවැසි තරමට පමණක් කාව්‍යය පිවිස ඇත්තේ ඒ නිසාය. අප කවියා හුදු තාත්ත්වික වර්ණනයන් සිත් ගන්නා ලෙස කවියට නංවන හෙයින් අන් සියලූ කාව්‍යයන් පරදවා ගුත්තිල කාව්‍යය ජනතාවගේ සිත් හි තවමත් ලැගුම් ගෙන ඇත. සිය ප්රස්තූතය මැනවින් ස්ථාපනය කිරීමෙහි ලා වෑත්තෑවේ හිමියෝ පන්සිය හතළිස් හතක් (547* ක් පමණ වූ ජාතක කතා අතරින් දෙසිය හතළිස් දෙවන (242* ජාකත කතාව තෝරා ගත් හ. ගුත්තිල කාව්‍යය රචනයට පළමු වුව ද ගුත්තිල ජාතකය සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිතව පැවතුණි. එය ජනකතාවක් තරමටම ඔවුනට සමීප විය. ගුත්තිල හා මූසිල අතර වූ වාදය බාල මහලූ සැමගේ සිත් ගත් අවස්ථාවක් වූ හෙයිනි. වෑත්තෑවේ හිමියන්ගේ නිර්මාණාත්මක ප්‍රවේශයෙන් අනතුරු මෙතෙක් තමාට හුරු පුරුදු වූ කතාව රසවත්ව කියවීමෙහි ලා ජනතාවට නොනිමි සෞන්දර්යමය ඉඩක් විවර විය. වෑත්තෑවේ හිමියන් සිය නිර්මාණ රචනයට ගුත්තිල ජාතකය ඇසුරු කර ගත්තද එය හුදෙක් ජාතක කතාවට තනුවක් යෙදීමක් නොවීය. ගුත්තිල කාව්‍යය ගුත්තිල ජාතකයෙහි නැවත කියවීමක් වන හෙයින් වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍යයට අලූතින් අර්ථකථන සැපයුවේ ය. නව සංකල්පනා හදුනා ගනිමින් නව නිර්මාණයක් සිදු කළේ ය. වර්තමාන කතාව, අතීත කතාව, සමෝධානය ආදී ජාතක කතා ශෛලිය පසෙකලා ගුත්තිල කාව්‍යය වෙත රසිකයන් රො`ද බැදුණේ ඒ නිසා ය.
කතා සාරාංශය
දඹදිව බරණැස් නමින් නගරයක් වූ අතර එහි බ්‍රහ්මදත්ත නම් වූ රජෙක් රාජ්‍යය කරන කාලයෙහි ගාන්ධර්ව කුලයෙහි ඉපදුණු බෝසතුන් ගුත්තිල නම් විය. වීණා ශිල්පය මනාසේ උගත් ගුත්තිල ප`ඩිවරයා තරුණ වයසේ දී බ්‍රහ්මදත්ත රජුගේ ප්‍රධාන වීණා වාදකයා වීය.
එකල බරණැස් නගරයේ සිට උදේනි නගරයට ගැල් වල බඩු පටවාගෙන වෙළ`දාමේ ගිය වෙළෙන්දන්ට මූසිල නම් වීණා වාදකයෙකු පිළිබ`ද අසන්නට ලැබේ. එම වෙළ`දුන්ගේ කැ`දවීමෙන් පැමිණි මූසිලට ඔවුන් සතුටට පත් කළ නොහැකි වූ විට ඊට හේතුව ලෙස වෙළ`දුන් ප්‍රකාශ කළේ බරණැස් නගරයේ සිටින ගුත්තිල ප`ඩිතුමාගේ වීණා වාදනය ඇසූ කිසිවෙකුට මෙබ`දු වීණා වාදනයකින් සෑහීමකට පත් නොවිය හැකි බවයි.
එය ඇසූ මූසිල ආචාර්යවරයා ඔහුගෙන් වීණා ශිල්පය ඉගෙනීමට අදහස් කොට ගුත්තිල ප`ඩිවරයා එහි නොසිටින අතර අන්ධ මවුපිය දෙදෙනා පමණක් සිටින විට ප`ඩිතුමාගේ වීණාව ගෙන යවන මූසිලගේ වීණා වාදනය වීණාව කෑමට මීයන් පැමිණියාක් වැනි යැයි සිතා මීයන් එලවීමට තැත් කරයි. එයින් ලැජ්ජාවට පත් වූ මූසිල තෙමේ ඔවුන්ගේ දෙපාමුල වැටී තමාගේ පැමිණීමට හේතුව පවසයි.
මේ අතර නිවසට පැමිණි ගුත්තිල ප`ඩිතුමා මූසිලයාගෙන් තොරතුරු විමසීමෙන් පසු ඔහු සිරුරෙහි වූ නපුරු ලකුණු දැක වීණා ශිල්පය ඔහුට ඉගැන්වීමට නොහැකි බව පැවසුවත් අ`ද මව්පියන්ගේ බලවත් ඉල්ලීම නිසා නොකමැත්තෙන් හෝ වීණා ශිල්පය ඉගැන්වීමට සිදු වෙයි. මෙසේ තමන් දැන සිටි සියලූ ශිල්පයම ඉගැන්වීමෙන් අනතුරුව බරණැස් රජුට හ`දුන්වා දී රාජ සේවයට බ`දවා ගන්නා ලෙසට ඉල්ලා සිටි පසු ගුත්තිල ප`ඩිතුමාගේ වේතනයෙන් අ`ඩක් දීමට එක`ග වී බ`දවා ගැනෙයි. එහෙත් ගුරුවරයා දන්නා සියලූ ශිල්පයම තමා දන්නා හෙයින් ඔහුගේ වැටුපෙන් අ`ඩක් නොව මුළු වැටුපට සමවන වැටුපක් ලැබිය යුතු බව පවසයි. ඊට අකමැති නම් තර`ග වීණා වාදනයක් පවත්වන ලෙස මූසිලයා කළ ඉල්ලීමට ගුත්තිල ප`ඩිවරයාගේ අනුමැතිය ලබා ඉන් සත්වෙනි දිනයෙහි තර`ගය පවත්වන්නට තීරණය කරයි.
මෙම සිදුවීමෙන් කම්පාවට පත්වන ගුත්තිල ඇ`දුරුතුමා දුකින් තැවෙමින් සිටින විට සක් දෙවි`දුගේ ප`ඩුපුල් අස්න උණු වෙයි. එවිට බෝසතුන් දැක මූසිලයා හා වීණා වාදනයේ දී අනුගමනය කළ යුතු පියවර පවසයි. එනම් ගුත්තිල ප`ඩිතුමාගේ වීණාවෙහි තත් පිළිවෙලින් එක දෙක තුන හතර වශයෙන් සි`දිනා බවත් අනතුරුව වීණා නාදය සිය දහස් ගුණයක් වැඩි වන බවත් අනතුරුව තමන් දෙන ගුලි තුන අහසට විසි කරන ලෙසත් එවිට එක් එක් ගුලියට සුර`ගනන් තුන්සියයක් බැගින් බිමට බැස ර`ග දෙන්නට පටන් ගන්නා බවත්ය. සක් දෙවි`දු පැවසූ පරිදි තර`ග අවස්ථාවේදී ගුත්තිල ප`ඩිතුමා වීණාවේ තත් බි`දි අයුරු දැක මූසිල ද තත් බින්ද ද සිදු වූයේ තිබූ හ`ඩ ද නැති වී යාමයි. අවසානයේ දී මූසිලයා තර`ගයෙන් පැරදුණු අතර බෝසතුන්ගේ ජයග්‍රහණය ගුත්තිල කාව්‍යයෙන් සිදු වෙයි.