University

Monday, June 29, 2015

අමනුෂ්‍යයින් අභියස අසරණ වූ අපි
 
( මිනිසත් බව ලැබෙන්නේ කලාතුරකින් බව අප කවුරුත් දන්නා කරුණක්.ඒත් ඒ මිනිසත් බව මනුස්සකම්  දන්නා නියම මිනිසෙකු ලෙස නියමාර්ථයෙන්ම අරුත් ගන්වන්නේ කව්රුන්ද. )
 

කොතරම් හොද කළත් දුදනෝ නොවෙති යහපත් යනාරුත සිහිකරමින් අසරණ අපගේ කිසිදු වදනකට ඇහුම්කන් නොදුන් පිරිසක් අතර ඇත්තටම අප අසරණයින් විය. නමුත් කම් නැත වවුලාගේ ගෙදර ගිය විට එල්ලී සිටිය යුතුමය.ඒ නිසාවෙන්ම අපද දහසක් දුක් පීඩා අභිමුව සියල්ලන්ගේ කෲරකම් අභියස විටෙක තැවෙමින්ද තවත්  විටෙක හඩමින්  ද කල් ගෙව්වේය.

කෙසේවත් එය අපේ තැන නොවේ.එය අපට ආගන්තුක බැව් සැබෑය.එකිනෙකාට විවිධාකාරයෙන් සළකන ධනවත්,රූමත් පිරිසට අත හිත දෙන අප වැනි අසරණයින්ව තලා පෙලා රිදවන නුඹලා ඇත්තෙන්ම මනුසත් ලෝකය තුළ මුදල් බලයෙන් හිස උදුම්මවා ගත් අමනුස්සයින්ය.වරක් දෙවරක් නොව සිය දහස් වරක් කිව්වද එය එසේමය.නුඹලා අමනුස්සයින්මය.

ලොක්කෙකු නොව නායකයෙකු වන්න කුඩා කළ සිටම අසා ඇති කරුණකි.නමුත් අද බොහෝ විට සිටින්නේ නායකයින් නොව ලොක්කන්ය.ලොක්කාගේ අණකිරීම් ඝර්ජන තර්ජන හමුවේ සියල්ලගේම මුව ගොළුය.ඒ නිසාම අප වෙනුවෙන් හඩක් නගන්නටද කෙනෙක් නැත.මුනිවත රකිමින් සියල්ලෝම බොර දියේ මාළු බාති.
අමනුස්සයින්ට අප වැනි අසරණයනගේ සිත් සතන් කියැවිය නොහැක.එමෙන්ම අපගේ දුක් අදෝනා අසන්නට කෙනෙක්ද නැත.ඇසුවද කිසිවෙක් එය තේරුම් ගන්නේ ද නැත.තරගකාරී ලෝකයේ සනාතන සත්‍යය එයයි.

වැරදි සිදුවීම මනුස්ස ගතියක් ලෙස හදුන්වමින් වුනු වැරදි නිවැරදි කිරීමට උත්සහ නොකරමි.නමුත් නියම නායකයෙක් ලෙස වරක් අපගේ අදහසට ඇහුම්කන් දීමට නුඹට හැකි වූවා නම් අප මෙතරම් අසරණ නොවෙනු ඇත.

නමුත් අප සැළෙන්නේ නැත.ජීවිතය යනු අභියෝග රැසකි.සියළු අභියෝග අපට ජය ගත නොහැක.ජීවිතයේ වරදින අවස්ථා එමටය.වැරදීම යනු ජීවිතයට පන්නරයකි.එක් වරක් වැරදුණු තැන තව වරක් වරද්ද ගැනීමට තරම් අපි ළාමක නොවන්නෙමු.අපට වරක් වැරදුණු බව සැබෑය.ඒත් කෙදිනක හෝ අප ඒ තුළින් අපේ ජීවිතය ගොඩ නගා ගන්නෙමු.

No comments:

Post a Comment