ගීතය
” මිනිසා විසින් සාක්‍ෂාත් කරගනු ලබන උත්තරීතර මිනිස් හැ`ගීම් සහෘදයන්ට බෙදාදෙන්නේ සම්පේ‍්‍රෂණය කරන්නේ කලාව ම`ගිනි ” යනුවෙන් ලියෝ තෝල්ස්තෝයි ප‍්‍රකාශ කර තිබේ. කලාවේ අවශ්‍යතාවය වන්නේ එයයි.ගීතය හා කලා මාධ්‍යය තුළින් ද ඉටු විය යුත්තේ එකී සමාජ මෙහෙවරයි.
ගීතය සාහිත්‍ය පමණක් නොවන්නා සේම සංගීතය පමණක් ද නොවේ.ගීතය පරිපූර්ණ වන්නේ ගී පද මාලාව,සංගීතය හා ගායනයේ සුසංයෝගයෙනි.කවියක් ලෙස සැළකෙන රචනයක් ස්වර ලිපියක් ලියා ඊට සංගීතය යොදා ගායනා කළ පමණින් එය ගීතයක් නොවේ.ගීතය යනු කවිය නොවන්නා සේම කවිය යනු ගීතයද නොවේ.
ගීතය යනුවෙන් වර්තමාන සිංහල භාෂා ව්‍යවහාරයෙහි අප භාවිත කරන පදයට පර්යායව බටහිර භාවිත කරන්නේ ීදබට හා ඛහරසජ යන වචනයන් ය.ගීතය හැදින්වීමට ීදබට යන පදය භාවිත කරන පරිපූර්ණ ගීතයක් නිර්මාණය කිරීම උදෙසා වන සාහිත්‍ය රචනය ඛහරසජ යනුවෙන් හැ`දින්වේ.
ඔක්ස්ෆර්ඞ් සංක්‍ෂිප්ත සංගීත ශබ්දකෝෂයේ ීදබට යන්න අර්ථදක්වා ඇත්තේ ”සාමූහිකව හෝ ඒකලව ගායනා කරන සංක්‍ෂිප්ත සංගීත රචනයක් ” ලෙසය.
කේම්බි‍්‍රජ් සංගීත ශබ්දකෝෂයට අනුව ” ගීතය ගායනය ස`දහා වන සංගීතමය ප‍්‍රබන්ධයකි.”
සිංහල භාෂා ව්‍යවහාරය තුළ ගී,ගීත,ගීතිකා ආදී පද තුළින් ගීතය නැමති නවීණ කලාංගය සෘජු ලෙස අර්ථ දක්වනු නොලැබේ.
ශ‍්‍රී සුමංගල ශබ්දකෝෂයෙහි ගී යන්න අර්ථ දක්වා ඇත්තේ එළිසම නොකොට බැ`දි සිංහල පද්‍ය,පද්‍ය හා එනම් වෘත්තය ආදී ලෙස ය.
ගීතයට හිමි සාහිත්‍ය අන්තර්ගතය වන්නේ ගී පදමාලාව තුළය.මිනිස් කටහ`ඩින් ගයනු ලබන්නේ ගීත පදමාලාව ය.රමණීය,කමණීය,සවනීය වචන ආකර්ශනීය ආකාරයෙන් ගළපමින් කිසියම් සිද්ධියක් , තත්ත්වයක්,අදහසක් හෝ ඉන් කොටසක් චිත‍්‍රණය කිරීම ගීත රචනය තුළදී සිදු වේ.ගීත රචනයේ බාහිරෙන් තිබෙන මෙම රසාලිප්ත බව තුළ සැගවුණු දර්ශනයක් ගීතයේ්් අභ්‍යන්තරයෙන් තිබීම ද ගීතය පරිපූර්ණත්වයට පත්වීමට අත්‍යවශ්‍ය වේ.එහි දර්ශනය තුළින් ලෝකය,ජීවිතය,සමාජය යනාදී ප‍්‍රපංචයන් හදුනා ගැනීමට ශ‍්‍රාවකයාට අවකාශය සැළසේ.ගී පද රචකයෙක් සතුව සහජ ප‍්‍රකාශන ශක්තිය ,භාෂා නෛපුණ්‍ය හා ගීතමය ගුණය යනාදී ගුණාංගයන් පැවතිය යුතු වේ.ගීත රචකයෙකුගේ සංකල්පනාව අර්ථ රසයෙන් සේම ශබ්ද රසයෙන්ද පෝෂණය විය යුතු ය.
නාඩගම නූර්ති නාට්‍ය ආදී විවිධ මුහුණුවරින් පෝෂණය වූ සිංහල දෘෂ්‍ය කාව්‍ය සම්ප‍්‍රදාය අපේ ගීත සාහිත්‍යයේ ආරම්භය ලෙස සැළකුව ද එය ස්වාධීන වූ ගීත සාහිත්‍යයක් ලෙස ගත නොහැකි ය.මන්දයත් එම ගීතයන් බොහෝමයක් ස්වාධීන වූ දේශීය ලක්‍ෂණයන්ගෙන් ඌණ බැවිනි.මෙම දෘෂ්‍ය නාට්‍ය සම්ප‍්‍රදාය හැරුණු විට දේශීය ගීත බිහිවීමේ අනෙක් පදනම වන්නේ ග‍්‍රැමෆෝන් ගීතයයි.මුල් කාලීනව මෙම ගීත ජාතික ආගමික ප‍්‍රබෝධය මතු කරලීම ස`දහා පමණක් සීමා වී තිබුණි.හින්දි ගීත අනුකරණය කරමින් ඒවායේ තනුවට අනුකූලව සිංහල ගීත නිර්මාණය කිරීම චිත‍්‍රපට ගීත තුළත්, ගුවන්විදුලි ගීත තුළත් දැකිය හැකි විය.මෙම අනියම් බලපෑමේ ප‍්‍රතිඵල වශයෙන් ලාංකීය ගීත සාහිත්‍ය අර්ථ රසයෙන් සේම ශබ්ද රසයෙන් ද පසුගාමි විය.මෙම ස්වභාවයන් දුරුකරලීමේ පදනම සැපයෙන්නේ විසිවන සියවසේ මැද භාගයේ සිදු වූ පණ්ඩිත් රතන්ජංකර්තුමාගේ ආගමනයයි.එතුමාගේ අදහස වූයේ සිංහල ජනකවි පිරිත් ආදිය ඔස්සේ යමින් සිංහල සංගීත පද්ධතියක් නිර්මාණය කළ හැකි බවයි.
මෙම අදහස සම`ග ගුවන්විදුලිය විසින් දේශීය ගීත සම්ප‍්‍රදාය පෝෂණය කිරීම උදෙසා ක‍්‍රියාමාර්ග ගත් අතර සමාජය තුළ ලාංකේය ගීත කලාවක් පිළිබ`ද සංවාද ආදිය ඇති විය.ම`ඩවල එස්.රත්නායක,මහගමසේකර,විමල් අභයසුන්දර,කරුණාරත්න අබේසේකර,ශ‍්‍රී චන්දාරත්න මානවසිංහ , අරිසෙන් අහුබුදු වැනි ප‍්‍රතිභාපූර්ණ ගී පද රචකයන් දේශීය ගීත කලාවේ අභිමානය ඇති කිරීමට සමත් වූ ගේය පද රචකයන් කිහිප දෙනෙකි.
සංගීතය වූ කලී විශ්ව භාෂාවකි.එසේම සංගීතය ලොව ඕනෑම රටක වෙසෙන්නෙකුට භාෂාමය බාධාවන්ගෙන් තොරව රසවි`දිය හැකි ය.මානවයා මව්කුසේ සිටියදී මවගේ හෘද ස්පන්ධනය හා බද්ධව තම ශරීර රිද්මය පළමුව වටහා ගනී.එකී රිද්මය හා තාලය මෙන්ම සංගීතයේ සප්ත ස්වර හා නිර්මාණාත්මක චින්තනය ද ගළපමින් ඇතැම් පුද්ගලයන් පසුකාලීනව මහා සංගීත නිර්මාණ බිහි කරනු ලබයි.
සංගීතයෙහි වඩා ජනප‍්‍රිය අංගයක් ලෙස ගීතය යන කලාංගය වර්තමානය වන විට හුදු රස නිෂ්පත්තියට එහා ගිය කාර්යයක් ඉටු කරනු ලබයි.එසේම ගීතයේ හරවත් බව හා රසවත් බව එකී කාර්යයන්ගේ ශක්‍යතාව වඩාත් තීව‍්‍ර කරන ලව පැහැදිලි ය.
ගීතය මානව හදවත ආනන්දයෙන් ප‍්‍රඥාවට යොමු කරන ප‍්‍රබලතම කලා මාධ්‍යයකි.ගී පද මාලාව,තනුව හා ගායනය මනා ලෙස සුසංයෝග වූ කල්හි ගීතය අර්ථ රසයෙන් සේම ශබ්ද රසයෙන්ද පරිපූර්ණ වන්නේ ය.ගීතය මානව හදවත ආනන්දයෙන් ප‍්‍රඥාවට මෙහෙයවිය හැකි ප‍්‍රබලතම කලා මාධ්‍ය වනුයේ එහි පවතින ශබ්ද හා අර්ථ රසය නිසාවෙන්ය.ගීතය සමාජයේ යහපැවැත්ම උදෙසා මෙන්ම සහෘද ආකල්ප වර්ධනය උදෙසා උපයුක්ත කර ගත හැක්කේ ගීතය සතු මෙකී ගුණයන් නිසා ය.ගීතයක පදමාලාව ගීතයේ මෙකී ගුණාංගයන් නිරූපණය කිරීමේදී වඩාත් වැදගත් වන්නේ එය රස සහා අර්ථ සම්පාදනය කරන බැවිනි.ගේය පද රචකයා පොදු සමාජ විඥානයට ආමන්ත‍්‍රණය කරමින් සමාජ සුභාවිතය උදෙසා ගීත නිර්මාණය කරන්නෙක් විය යුතු ය.
දෛනික ජීවිතයේ අනේකවිධ පීඩාවන්ගෙන් පෙළෙන අප ම`ද හෝ අස්වැසිල්ලක් ලැබූ සැණින් මුණු මුණුවට වැටෙන්නෙමු.මෙසේ මුමුණන්නේ අපටත් හොරා අප හදවතේ ලැ`ගුම්ගත් සප්ත ස්වරය හා මුසු වූ ප‍්‍රබන්ධයන් ය.එනම් ගීතයන් ය.නාට්‍ය,නවකතාව,කෙටිකතාව,කවිය යනාදී සකලවිධ කලා මාධ්‍යයන් සමතික‍්‍රමණය කරමින් වර්තමානය වන විට ගීතය නම් වූ කලා මාධ්‍ය වෙසෙසින්ම ජනප‍්‍රසාදය හා ජනප‍්‍රියතාව ලබාගනිමින් මානව හදවත් වලට ඉතාමත් ලෙංගතුව සමීප වෙමින් පොදු ජන හද රිද්මය මැනවින් හදුනාගත් කලා මාධ්‍යයක් බවට පත්වී හමාර ය.
ස්තූතියි
ReplyDelete